මැදවච්චිය-කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ ගෝණමැරියාව ප්‍රදේශයේ අද (27) උදෑසන සිදු වූ රිය අනතුරකින් දින 10ක් වයසැති බිලිඳෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැබිතිගොල්ලෑව දෙස සිට පැමිණි ත්‍රී රෝද රථයක් මැදවච්චිය දෙස සිට පැමිණි ජිප් රථයක මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ පදවි ශ්‍රී පුර පදිංචි 49 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වූ 26 හැවිරිදි කන්තාවක් සහ ඇගේ
දින10 ක් වයසැති බිලිඳායි.
ත්‍රීරෝද රථය ධාවනය කළ 31 හැවිරිදි රියදුරු, බරපතල තුවාල සහිතව කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ජිප් රථයේ රියදුරු කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
.













