කැන්ගරුවෝ මෙවර එක්දින ලෝක කුසලානය කුළුදුල් තරග ජය ලබති

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ කුළුදුල් ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ ලක්නව් හි දී ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ව පැවති තරගය කඩුලු 05කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් ම දැවී ලබා ගත්තේ ලකුණු 209ක් පමණි.

එහිදී ආරම්භක පිතිකරුවන් දෙපළ වූ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා එක්ව ඉනිම ශක්තිමත් ව ගොඩනැගුව ද, එම ක්‍රීඩකයින් දෙදෙනා ම දැවී ගිය පසු ලකුණු පුවරුවට සාධාරණයක් ඉටු කරන්නට කිසිදු පිතිකරුවෙකුට හැකි වුණේ නැහැ.

එහි ප්‍රතිඵලය වූයේ පැතුම් – කුසල් ශතකය අබිබවූ සබඳතාවක් ගොඩනැගීමෙන් පසු අසලංකට පමණක් ලකුණු 25ක් ලබා ගැනීමට හැකි වීමයි.

ඔස්ට්‍රේලියා ඉනිමේ දඟ පන්දු යවන්නෙකු වන ඇඩම් සම්පා ලකුණු 47කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, මිචෙල් ස්ටාක් සහ කමින්ස් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මැක්ස්වෙල් හට ශ්‍රී ලංකා කඩුලු ලැයිස්තුවේ අවසන් කඩුල්ල හිමිවුණා.

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 210ක්.

පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මුල් කඩුලු 03 ලකුණු 90ක් වන විට බිඳී ගොස් තිබුණා.

ඩේවිඩ් වෝර්නර් සහ ස්මිත් ව අඩු ලකුණුවලින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවුණ ද, ආරම්භක පිතිකරු වන මිචෙල් මාෂ් සිය 18 වැනි අර්ධ ශතකය ලබා ගත්තා.

මාර්නස් ලබුශේන්ග් ලකුණු 40යි.

ජොෂ් ඉංග්ලිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 58ක් රැස් කළා.

ඉංග්ලිස් දැවී ගිය ද සයවැනි කඩුල්ලට පිටියට එක් වූ ග්ලේන් මැක්ස්වෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙන්නට වුණා.

ඔස්ට්‍රේලියාව තරගය ජය ගන්නා විට මැක්ස්වෙල් නොදැවී පන්දු 21කට ලකුණු 31ක් ලබාගෙන සිටියා.

මාකස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 20යි.

දිල්ෂාන් මධුෂංක කඩුලු 03ක් සහ වෙල්ලාලගේ එක් කඩුල්ලක් බිඳ දැමුවා.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පතුලට ම ඇද වැටෙන්නේ මුහුණදුන් තෙවැනි තරගය ද අඛණ්ඩ ව පරාජයට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25