රට මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතුයි – සජිත්

මේ වන විට අප රට බරපතල අභියෝග, බලපෑම් රැසකට රටක් ලෙස මුහුණ දෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ ලක්ෂ 220ක් වූ ජනතාව මේ සිදුවන දේ පිළිබඳ සත්‍යවාදීව ඇති අභියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගන්නවා සේම ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව කියා සිටියේ අද (25) කොට්ටිඹුල්වල රජමහා විහාරයේ ඓතිහාසික කොට්ටිඹුල්වල රාජමහා විහාරීය ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීම සහ මකර තොරණ සහිත වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාව අමතමින්.

රටේ ආහාර හා ආහාර නොව උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යන බවත්, විදේශ සංචිත අඩුවෙමින් පවතින බවත්, ආනයන භාණ්ඩවල මිල ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවත්, විදුලි බිල වැඩි වී සංචාරක ක්ෂේත්‍රය පහළ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

විදේශ රටවල සේවය කරන මෙරට ජනතාව නිසා විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති මුත් මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වයේ වර්ධනයක් සිදුවුවහොත් විදෙස් ප්‍රේෂණ පවා අඩුවිය හැකි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පෞඩ ඉතිහාසයක් ඇති අප රටේ ලක්ෂ 220ක් ජනතාවගේ උනන්දුව කැපවීම අධිෂ්ඨානය එකට මුසු කර ගෙන රටක් ලෙස අමාරු වුවත් ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා ඇති තත් නිවැරදි ආකාරයෙන් අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59