ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය, පනත් කෙටුම්පත ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු තිබෙනවා.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමවන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී යි.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සහ නීති කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

‍ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අනුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිඳව දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වුණා.

එසේම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වඩාත් හොදින් අවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ අනුව ඉදිරි දිනයකදී නැවතත් මෙම සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කරනු ලබන බවත් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමවන්ද්‍ර පවසා සිටියා.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, තිළින
සමරකෝන්, නිලන්ති කොට්ටහච්චි, සාගරිකා අතාවුද, සුරංග රත්නායක සහ විජේසිරි
බස්නායක යන අය සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10