කසුන් රාජිතට අවසන් 20-20 තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

රාජිතගේ වම් ඉණ ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේ.

ඒ හේතුවෙන් අද (11) පැවැත්වෙන විස්සයි විස්ස තරගය ඔහුට අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද පුහුණුවීම් අතර තුර ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වුණා.

මතීෂ වැලමිටේ ආබාධයකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.

මේ අතර ආබාධයකට ලක් වූ කසුන් රාජිත සහ මතීෂ පතිරණ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් විස්සයි විස්ස සංචිතයට කැඳවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51