spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසුන් රාජිතට අවසන් 20-20 තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

රාජිතගේ වම් ඉණ ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේ.

ඒ හේතුවෙන් අද (11) පැවැත්වෙන විස්සයි විස්ස තරගය ඔහුට අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද පුහුණුවීම් අතර තුර ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වුණා.

මතීෂ වැලමිටේ ආබාධයකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.

මේ අතර ආබාධයකට ලක් වූ කසුන් රාජිත සහ මතීෂ පතිරණ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් විස්සයි විස්ස සංචිතයට කැඳවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?