spot_imgspot_img
spot_img

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්
ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම විදේශ ගමන් තහනම දීර්ඝ කරනු ලැබුවේ.

මෙම පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් කබ්රාල් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය අප්‍රේල් මස 6 වනදා ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළා.

එතෙක් විදේශ ගමන් තහනම දීර්ඝ කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?