කටුනායක – නිට්ටඹුව මාර්ගයේ ගමන් ගන්නා ඔබට පොලිසියෙන් දැනුම්දීමක්

වේයන්ගොඩ නගරය මූලික කරගෙන පැවැත්වෙන වෙසක් කලාපය හේතුවෙන් එම නගරය ආශ්‍රිතව අද (30) සහ හෙට (31) දිනයන්හි තොරණ, පහන්කූඩු, භක්ති ගීතවැඩසටහන් හා දන්සැල් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම වෙසක් කලාප හේතුවෙන් විශාල මහජනතාවක් වේයන්ගොඩ නගරය වෙතපැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන බැවින් ඉහත දිනයන්හි සවස 06.00 සිට අළුයම දක්වා කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති වීමට හැකියාවක් ඇති බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම ප්‍රදේශ ඔස්සේ ගමන් ගන්නා රියැදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස,

මහනුවර, අවිස්සාවේල්ල දෙසින් කටුනායක දෙසට ගමන් ගන්නා වාහන පස්යාල හන්දියෙන් මීරිගම, දිවුලපිටිය, මිනුවන්ගොඩ හරහා කටුනායක දෙසට ගමන් කළ හැකි බවත්,

කිරිඳිවැල, යක්කල දෙසින් වේයන්ගොඩ හරහා කටුනායක දෙසට ගමන් ගන්නා වාහන යක්කල, ගම්පහ, උඩුගම්පල, සීදුව හරහා කටුනායක දෙසට ගමන් කළ බවත්,

කටුනායක දෙස සිට වේයන්ගොඩ හරහා අවිස්සාවේල්ල සහ මහනුවර දෙසට ගමන් ගන්නා වාහන මිනුවන්ගොඩ, දිවුලපිටිය, මීරිගම හරහා පස්යාල දෙසට සහ වරකාපොල දෙසට ගමන් කල බවත්, පොලිසිය දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23