කටුනායකින් ඇල්ලූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ තුළ දී මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස රුපියල් කෝටි 05ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සමඟ විදේශීය ගුවන් මගීන් තිදෙනකු ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනා මුම්බායි නුවර සේවය කරන පාසැල් ගුරුවරියන් වන අතර, 27 හැවිරිදි පිරිමි පුද්ගලයා මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන අයෙක්.

මොවුන් අතරින් එක් ගුරුවරියක් සමඟ සැකකාර පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් ගුරුවරිය ඔහුගේ නැගණිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔවුන් වෙත බැංකොක් සවාරියක් ලබාදෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බවයි රේගු නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද (06) පෙරවරු 11.07ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ මෙම කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සඟවාගෙන රැගෙන ඇවිත් තිබුණා.

මීට පෙර කටුනායක ගුවන් තොටුපොළ තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස වාර්තා ගත වී තිබුණේ ඉකුත් වසරේ වෙසක් පෝය දින බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 46ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයයි.

අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
10
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50