පොලිසියට හඳුනාගන්න බැරි මෘත ශරීරයක් හඳුනාගැනීමට මහජන සහාය පතයි

මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල – පස්යාල මාර්ගයේ ඉදිපරපේ ප්‍රදේශයේ දී පසුගිය 17 වනදා සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

අනතුරින් පසු මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට දැඩි හානි සිදුව ඇති බැවින් මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනිමට නොහැකි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 55 ක් පමණ පෙනුම ඇති මුහුණ පුරා රැවුල වවා ඇති උස අඩි 05 අඟල් 02 ක් පමණ වන පුද්ගලයෙක්.

අවසන් වරට ලා කොළ පැහැයට හුරු දිග කලිසමක් හා එම පැහැති අත් කොට ටී ෂට් එකක් හැඳ සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ වනවිට මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙම මරණකරු හඳුනාගැනීම පොලිසිය මහජනතාවගේ සහාය පතනවා.

මරණකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මීරිගම ස්ථානාධිපති 071 8591625 / මීරිගම පොලිස් ස්ථානය 033 2274322



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14