ජපානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් 13ක් මරුට – මුදාගැනීමේ මෙහෙයුම් තව දුරටත්

නිරිතදිග ජපානයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන අගමැතිනි සානේ ටකයිචි පවසනවා.

ඊයේ (28) හටගත් මෙම භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, ගලවා ගැනීමේ සේවකයින් “කාලයට එරෙහි තරඟයක” යෙදී සිටින බවයි ඇය පැවසුවේ.

මෙම භූමිකම්පාව අඟහරුවාදා එරට වේලාවෙන් ඊයේ (28) පස්වරු 04:27 කියුෂු දූපතේ අභ්‍යන්තටේ සිදුව තිබුණා.

මේ අතර භූමිකම්පාව සිදු වූ කියුෂු දූපතේ දුම්රිය මෙහෙයුම් අත්හිටුවා ඇති බව ජපාන දුම්රිය සේවය සඳහන් කරනවා.

භූමිකම්පාවෙන් පසු දුම්රිය කැඩී ගිය පීලි මත සිරවී ඇති බැවින්, ඇතැම් මගීන්ට දුම්රියවල රාත්‍රිය ගත කිරීමට සිදු වූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46