කොළඹ වරායේ නව පස්මහල් වරාය සෞඛ්‍ය කාර්යාලය ජනතා අයිතියට

අලුතින් ඉදිකරන ලද නව පස්මහල් කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය (Port Health Office) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) විවෘත කෙරුණා.

කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නීරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබෙනවා.

ජාත්‍යන්තර නෞකා පරීක්ෂා කිරීම, Free Pratique අවසරපත් සහ Ship Sanitation Certificates නිකුත් කිරීම, රෝග නිරීක්ෂණ හා වාහක පාලන (Vector Control) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ද මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයන් අතරට අයත්.

මෙම නව වරාය සෞඛ්‍ය කාර්යාලය ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද “නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ඉදිකර ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 168 කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17