ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීමට ඉක්මන් පියවර ගැනීමට රජයේ අවධානය

ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපතිගෙන් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු වී තිබෙනවා.

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘත ව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ ව අවධානය යොමු කෙරුණේ.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51