spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීමට ඉක්මන් පියවර ගැනීමට රජයේ අවධානය

ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපතිගෙන් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු වී තිබෙනවා.

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘත ව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ ව අවධානය යොමු කෙරුණේ.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?