එවරස්ට් කන්ද පිළිබඳව අලුත්ම අනාවරණයක්

එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2කින් ඉහළ යන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ හා පස් ඛාදනය වීම හේතුවෙන් වන අතර ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයින් පවසන්නේ, මේ හේතුවෙන් එවරස්ට් කන්ද මීටර් 15 ත් 50ත් අතර ප්‍රමාණයකින් උස් වී ඇති බවයි.

එවරස්ට් චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස ඇත්තේ චීනය දෙසටයි.

මීට වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාලය සෑදී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එවරස්ට් කන්ද උස යාම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අරුන් ගංගාව පාමුල ඇති පාෂාණ හා පස් ඛාදනය වෙමින් ඉහළට තල්ලු වීම බව, ඒ පිළිබඳ අධ්‍යයනය කළ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයින් පවසනවා.

මේ හේතුවෙන් එවරස්ට් කන්ද මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උස් වීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32