එංගලන්තයේ සිට අගමැති හරිනි යළි දිවයිනට

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය විවෘත ඉගෙනුම් ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සදහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් අද (23) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එතුමිය සමග තවත් දෙදෙනෙක් දූත පිරිස ලෙස එක්වී සිටියා.

මෙම සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන්, විදේශ ලේකම් ඉවෙට් කූපර් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් ජනරාල් ෂර්ලි අයෝර්කර් මුණ ගැසී සාකච්ඡා කිරීම සිදු කළ අතර සසෙක්ස් විශ්ව විද්‍යාලයයේ 60 වන සංවත්සරයට ද සහභාගී වුණා.

ඔවුන් අද (23) දින දහවල් 12.52ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted