ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩිදියුණු කිරීම්වලට අනුමැතිය

2023 අයවැය යෝජනාවකට අනුව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කර තිබෙනවා.

ඒ අනුව, එම වර්ෂයේදී වෙන් කරන ලද රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන යොදවා, විශ්වවිද්‍යාලය තුළ ඇති ගොඩනැගිලි භාවිත කරමින් හා නවීකරණය කර ගනිමින් මේ වන විට සිසුන් 80දෙනෙකු බඳවාගෙන ඇති අතර, පළමු සහ දෙවන අධ්‍යයන වර්ෂයන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

නමුත්, අවශ්‍ය දේශන ශාලා, පරිපාලන ගොඩනැගිලි සහ පූර්ව සායනික ගොඩනැගිලි මෙතෙක් ඉදිකර නොමැති වීම හේතුවෙන් එම වෛද්‍ය පීඨයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට බාධා පැමිණ ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය තුළ දේශන ශාලා ද ඇතුළුව පූර්ව සායනික ගොඩනැගිල්ල සහ අත්‍යවශ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අවශ්‍ය පිරිවැය රුපියල් මිලියන 2,149ක් වශයෙන් ගණනය කර තිබෙනවා.

ඒ අනුව, මෙම වසර තුළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර, අවශ්‍ය ප්‍රතිපාදන 2026‑2028 අයවැය කාලරාමුව තුළ වෙන් කර ගැනීම මඟින් අදාළ පහසුකම් සලසා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32