ඌරු මස් කන ඔබට කට රත් වෙන නිවේදනයක්

මේ දිනවල ඌරු මාංශ ආහාරයට ගැනීමේ දී වඩාත් කල්පනාකාරී වන ලෙස මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ;
මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඌරු ගොවිපොළවල්වල සිදුවන හදිසි ඌරු මරණ වාර්තා වී ඇති බැවින් එම සත්ත්ව මාංශ භෝජනයට ගන්නන් වැඩිවශයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

පසුගියදා අනුරාධපුර ඇතුළු විවිධ ප්‍රදේශවලින් ඌරු ගොවිපොළවල්වල ඌරන් වෛරසයක් වැළඳීමෙන් මියයන බවටයි වාර්තා වුණේ.

පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ; එම වෛරසය වැළඳුණු විට ලබාදීමට ඇති එන්නත් වර්ගය හෝ ඖෂධ කිසිවක් මේ වනවිට තම රෝහල්වල නොමැති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට දිවයිනේ සෑම පශු වෛද්‍ය කාර්‍යාලයකට ම දැනුම්දී ඇත්තේ අදාළ ඌරන් මියයාමට නිශ්චිත හේතුවක් සොයාගැනීම කඩිනම් කරන ලෙසත් සත්ත්ව ගොවිපොළවල් අයිති කිසිදු හිමිකරුවෙකු මියගිය ඌරන්ගේ මාංශ මහජනතාවට අලෙවි නොකිරීමට වගබලා ගත යුතු බවයි.

එය එසේ නොවුණහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56