ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවන්ට සිය විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට එම ප්‍රවේශ පත්‍ර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කර ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.













