උදැල්ලකින් පහර දී කැබිතිගොල්ලෑවේ දී මනුෂ්‍ය ඝාතනයක්

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 64 හැවිරිදි වියේ පසු වූ කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා නිවස ආසන්නයේ පිහිටි වී මෝලක රැඳී සිට ඇති අතර, එම අවස්ථාවේ ඒ ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උදැල්ලකින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකර ඇති අතර, අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (28) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ගේ බවට සැකකෙරෙන ජංගම දුරකථන දෙකක් ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දින අනුරාධපුර රෝහල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23