ඊශ්‍රායල රැකියා ගැන මහජනතාවට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යංශය මහජනතාවට දැනුම් දෙනවා.

ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුවයි කාර්යාංශය මගින් පමණක් මෙම රැකියා හිමි වන්නේ.

එබැවින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කෙරෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (23) සිදු කෙරුණා.

එම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 62 වන ශ්‍රමික කණ්ඩායම වන අතර ඔවුන් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 වසරේ අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 389ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙනවා.

  1. ඇයි වයස අවුරුදු 45 වෙනකම් අයව යවන්න බැරි අපේ රටේ විරැකියාවෙන් තරුණ තරුණියෝ කී දෙනෙක් ඉන්නවාද අපේ රට වැට්ටුවේ ඔය බල ලෝබියෝම තමයි අපේ රට සහ රටේ ජනතාව ගොඩ ගන්න මොන නායකයද මෙතෙක් මේ රටේ ක්‍රියා කලේ කොමිස් එන වැඩක්නම් අනිවාර්යයෙන් කරනවා බංග්ලාදේශයේ මිනිස්සු හැම රටකටම යවනවා ඔවුන් සීග්‍රයෙන් දියුණුවට පත් උනේ ඔවුන්ගේ විදේශ ස්‍රමිකයන් උපයන මුදල් වලින් අපේ එහෙම වැඩ පිලිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නෑ මිනිසුන්ට පිටරට රැකියාවකට යන්න කලින් යන්න බැරි වෙන්න බදු ගහල හිරකරන එකයි අපේ රටේ බල ලෝබියෝ එකතුවෙලා නීති පනවලා තියෙන්නෙ ඉතින් එහෙව් රටක් ගොඩ ගන්නේ කෙසේද? හොර ඒජන්සි කාරයෝ මේ රටේ මිනිස්සු නොමග යවල කොතරම් මුදල් මන්කොල්ල කනවද ඒ මිනිස්සු තමන්ගෙ ගේ දොර ඉඩකඩම් සහ අත,කණකර,රංබඩු උගස් තියල බලාපොරොත්තු දහසක් මැද සල්ලි හොයාගෙන යන්න හදන්නේ ඒ මුදලත් හොර ඒජන්සි කාරයෝ මංකොල්ල කෑවහම මොකද වෙන්නේ මේතෙක් රට පාලකයෝ ඒවට කරපු දෙයක් නෑ විසදුමක් නෑ අපේ රටේ තමන්ගෙ වාසියට හදාගත්ත නීති විතරයි ක්‍රියාත්මක කරන්නේ අහිංසක පොඩි මිනිහට කෙලවන රටක් මේක කවදාවත් මේ රට මේ ඉන්න පාලකයෝ මිය යනතුරු මේ රට ගොඩයන්නේ නෑ කඩිනමින් මේ රටේ විරැකියාවෙන් සිටින තරුණ තරුණියෝ විදේශ රැකියාවන් සදහා යොමු කරන්න උපරිමෙන් යවන්න මේ රට සහ රටේ ජනතාව ඉක්මනින් ගොඩ ගන්න පුලුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12