Fly high Get bonus Aviator Phone

ඊශ්‍රායල රැකියා ගැන මහජනතාවට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යංශය මහජනතාවට දැනුම් දෙනවා.

ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුවයි කාර්යාංශය මගින් පමණක් මෙම රැකියා හිමි වන්නේ.

එබැවින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කෙරෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (23) සිදු කෙරුණා.

එම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 62 වන ශ්‍රමික කණ්ඩායම වන අතර ඔවුන් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 වසරේ අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 389ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?