ඉරානයේ විශාලතම නෞකාවක් ඇමරිකානු හමුදා ග්‍රහණයට ගනී (වීඩියෝ)

ඉරාන ධජය සහිතව යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අල්ලා ගැනීමට එක්සත් ජනපද හමුදාව කටයුතු කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යය ඔස්සේ පවසා ඇත්තේ ඇමරිකානු අනතුරු ඇඟවීමට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු ‘ටවුස්කා නෞකාව’ මෙලෙස සිය හමුදා භාරයට ගත් බවයි.

අඩි 900 කට ආසන්න දිගකින් සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තරම් බරින් යුත් ඉරාන ධජය සහිත ටවුස්කා නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව එක්සත් ජනපද නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කිරීමේ දී සිය හමුදාව එම නෞකාව භාරයට ගත බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.

නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අසල දී ඇමරිකානු හමුදා ග්‍රහණයට ගැනීමට පෙර වෙඩි තැබීමක් ද සිදුකර ඇති අතර, එම වෙඩි තැබීමෙන් නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර ඉරානයේ ඉහළම හමුදා මූලස්ථානය වන කටම් අල්-අන්බියා හි ප්‍රකාශකයෙකු පැවසුවේ එක්සත් ජනපදය “සටන් විරාමය උල්ලංඝනය කරමින් ඕමාන් මුහුදේ දී ඉරානයේ වාණිජ නෞකාවකට වෙඩි තබා, එහි නාවික පද්ධතිය අක්‍රීය කර, මැරීන් භටයින් ඊට ගොඩවී ඇති බවයි.

එක්සත් ජනපද නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම සන්නද්ධ මුහුදු කොල්ලකෑම් ක්‍රියාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවත් ඔහු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !