spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – පාකිස්ථාන තරගයෙන් ජනප්‍රිය රැප් ගායකයා කෝටි 07ක් හම්බකරලා

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දිය කණ්ඩායම, පකිස්ථානයට එරෙහිව ජයග්‍රහණය කිරීම සඳහා වූ ඔට්ටුවකින් කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රැහැම් ඉන්දීය රුපියල් කෝටි 07කට අධික මුදලක් ජයග්‍රහණය කර තිබෙනවා.

පාපන්දු සහ NFL ඇතුළු ක්‍රීඩා ඉසව් සඳහා විශාල වශයෙන් ඔට්ටු තබන්නෙකු ලෙස ප්‍රසිද්ධ ඩ්‍රේක් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද ඔට්ටු තැබීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩ්‍රේක් ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමට පෙළඹුණු පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ඔහු නිමා වූ IPL අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් වෙත ඉන්දීය රුපියල් කෝටි 02ක සාර්ථක ඔට්ටුවක් තබා තිබෙනවා.

ඊයේ පැවති ඉන්දු – පාකිස්ථාන තරගයෙන් ඉන්දියාවට ලකුණු 06ක තියුණු ජයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
6
+1
4
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?