කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් “BREAKING NEWS” ලෙස සකස් කළ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, මෙම පුවතේ සඳහන් මිල ඉහළ දැමීම් සම්බන්ධ තොරතුරු අසත්‍ය බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවට දැනුම් දෙනවා.
එම සටහනේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රු. 260කින්, කල්කිරි බෝතලයක මිල රු. 40කින් සහ යෝගට් එකක මිල රු. 20කින් ඉහළ දමා ඇති බව සඳහන් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි පුවත් නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කර ගැනීමෙන් කිරීමෙන් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













