බ්‍රාවෝගේ අංක 47 දරන ජර්සිය විශ්‍රාම ගන්වයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වූ ඩ්වේන් බ්‍රාවෝගේ සුවිශේෂී අංක 47 දරන ජර්සිය විශ්‍රාම ගැන්වීමට ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම තීරණයකර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ, ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතා 05ක් දිනා ගැනීමට සනත් වී ඇති අතර ඒ අතරින් ශුරතා 03ක් දිනා ලැබුවේ ඔහු විසින්ම කණ්ඩායමට නායකත්වය ලබා දෙමිනුයි.

එමෙන්ම එක් අවස්ථාවක කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ද ශුරතාව දිනා ගැනීමට ඩ්වේන් බ්‍රාවෝ සමත් වුණා.

ඒ අනුව කණ්ඩායම වෙනුවෙන් සිදු කළ සුවිශේෂි සේවාව වෙනුවෙන් බ්‍රාවෝ අංක 47 දරන ජර්සිය මින් ඉදිරියට ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙක්ට පැළදීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.