ගොතටුව පොලිස් වසමේ මාදින්නාගොඩ සුරම්යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර අද (30) වන අද දින සවස 06.30 සිට විථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබනවා.
පෙරහර ගමන් ගන්නා මාර්ගය –
මාදින්නාගොඩ ශ්රී සුරම්යාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර මහනියර හන්දියෙන් 175 බස් මාර්ගය ඔස්සේ, බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ, MDH ජයර්වර්ධන මාවත ඔස්සේ ගමන් කර විහාරස්ථානයට පිවිසීමට නියමිතයි.
එම හේතුවෙන් පෙරහර ගමන් ගන්නා කාලය තුල ඉහත මාර්ග භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













