ඉන්දීය ක්‍රිකට්වලට මරු පහරක් එල්ල කළ චේතන් ෂර්මා තනතුරෙන් එළියට

ඉන්දීය තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂා විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වනදා ඉන්දීය රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවක් විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ ආන්දෝලනාත්මක වීඩියෝවක් ෂර්මාගේ මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

විරාත් කෝලි සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සවුරව් ගංගුලි අතර ඇති වූ බව කියන ගැටළු සහ ජස්ප්‍රිත් බුම්රාගේ ආබාධය ඇතුළුව ජාතික කණ්ඩායමට අදාළ විවිධ රහසිගත කරුණු රැසක් චේතන් ෂර්මා විසින් ප්‍රකාශ කරන අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

අදාළ වීඩියෝව ෂර්මාගේ අනුදැනුමකින් තොරව රහසිගතව පටිගත කළ වීඩියෝවක්.

චේතන් ෂර්මා ඉල්ලා අස් වූ බවත් ඔහුට එම තනතුරින් ඉල්ලා අස්වෙන ලෙස කිසිම බලපෑමක් සිදු නොකළ බවත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී ෂර්මාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව පත් කරනු ලැබුවා.

ඒ, අනුව චේතන් ෂර්මාගේ ඉවත්වීමත් සමඟ සලිල් අංකෝලා, එස්.එස්. දාස්, සුබ්‍රෝටෝ බැනර්ජි සහ එස්. ශරත්ගෙන් සමන්විත ඉන්දීය තේරීම් කමිටුව ද විසුරුවා හැරෙනවා.

නව සභාපතිවරයෙකුගෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් තීරණයක් ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17