ඇවිලුණු එට්නා නිවෙන්න පටන් ගනියි

සුප්‍රසිද්ධ ගිනි කන්දක් වන එට්නා කන්ද පුපුරා ගොස් තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම පුපුරා යාමත් සමග එම කන්දෙන් විශාල දුම් රොටු සිසිලි අහස් කුස වසා පැතිර ඇති බවයි.

යුරෝපයේ ඇති විශාලතම මෙන් ම සක්‍රීය ම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හැඳින්වෙන්නේ.

තවමත් මෙම ගිනි කන්ද පුපුරා යාමත් සමග ඒ අවට කලාපයේ අළු, ගෑස් වර්ග සහ විවිධ පාෂාණ කොටස් සහිත ව පැතිරෙමින් තිබෙන බව ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් එට්නා ගිනි කන්ද සක්‍රීය වුව ද ඒ අවට වෙසෙන්නන්ට කිසිදු අනතුරක් සිදු නොවන බවට එරට බලධාරීන් මහජනතාවට තහවුරු කර තිබෙනවා.

නමුත් සිසිලි බලධාරීන් කැටානියා ගුවන්තොටුපොළට නම් අනතුරු අඟවා ඇත්තේ එට්නා කලාපය අවට ගුවන් ගමන් අවදානම් බව දැනුම්දෙමින්.

එහෙත් සෙසු ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිසිලියා හි සිදු වන බව ද වාර්තා වනවා.

අද පස්වරුව වන විට එට්නා හි ගිනි දැල් විමෝචනය වීම පාලනය වී ඇති බවත් වාර්තා වනවා.

සිසිලියේ ජනාධිපති රෙනාටෝ ෂිෆානි ප්‍රකාශ කළේ පිපිරීමෙන් නිකුත් වූ ලාවා ගලායාම ගිනි කන්දේ ස්වාභාවික සීමා කලාපය උල්ලංඝනය කර නොමැති බවත්, “ජනගහනයට කිසිදු අනතුරක් සිදු නොකළ” බවත්ය.

මූලාශ්‍රය – ALJAZEERA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35