ඇදිරි නීතිය තවත් දීර්ඝ වේද..? කොවිඩ් මරණ වාර්තා වීම 75%කින් ඉහළට

පසුගිය සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉන් ඉහත සතියේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවට සාපේක්ෂව 75%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි. අද (අගෝස්තු 24) දින පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව අවධාරණය කළ වෛද්‍යවරිය,

එළඹෙන සතිවලදී මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු 3ක් පෙන්වා දුන්නාය.ඒ අනුව ඇය සඳහන් කළේ,

– එන්නත් ලබා නොගත් 60ට වැඩි පුද්ගලයින් ඇතුළු අනෙකුත් අය ලැබෙන ප්‍රථම අවස්ථාවේදී එන්නත ලබාගැනීම

– තමා සහ අන් අයට රෝගය නොවැළඳෙන පරිද්දෙන් ඇඳරි නීති සමයේදී කටයුතු කිරීම

– කොවිඩ් රෝග ලක්ෂණ ⁣සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වන බවය.

“අපි දන්නවා මේ අවස්ථාව වන විටත් අපේ ගිය සතියේ රෝගීන්ගේ සංඛ්‍යාව සඳහන් කරොත් ඒ සංඛ්‍යාව ඊට පෙරාතුව සතියට වඩා 40%ක වැඩිවීමක් තිබුණා. මරණ සංඛ්‍යාවත් ගිය සතියේදී ඊට පෙරාතුව සතියට වඩා 75%ක වැඩිවීමක් තිබුණා. මුල් ම පණිවිඩය එන්නත ලබා නොගත් අය තමුන්ගේ වාරය ආ විගස ලබාගන්න. වයස 60ට වැඩි අය හැකි විගස ගිහින් ලබාගන්න. දෙවැනි කරුණ මේ අවස්ථාවේ මේ ලබාදීලා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තමනුත් තමන් සමීපතමයනුත් ආරක්ෂා කරගැනීමේ වගකීම තමන් භාරයට ගෙන රටට එයින් කළ හැකි උපරිම සේවය කරන්න. තුන්වෙනි එක තමා කොව්ඩ් රෝල ලක්ෂණ ගැන දැනුවත් වන්න.”

‘අධික ලෙස මරණ වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළ යාම මත දින 10න් රට නැවත අරින්න පුළුවන් වේවිද?’ යනුවෙන් මෙම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙ⁣වැනි අදහසකි.

“සංකීර්ණ ප්‍රශ්නයක්. ඒකට ඔව් සහ නැහැ කියන්න උත්තරයක් නැහැ. අපි ඒ ගැන ලොකු අධ්‍යයනයකින් පස්සේ තීරණය කරන්න ඕනි.⁣ සෞඛ්‍ය අමාත්‍යංශයෙනුත් අපි දන්නවා exist strategy කියලා එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් පිටවෙන ක්‍රියාව කොහොමද කරන්න ඕනි කියලා මාර්ගෝපදේශයක්. අපිත් සංගමයක් විදියට exist strategy කියලා හදලා ⁣සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීලා තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා අපි හිතනවා අපි වෛද්‍ය ප්‍රජාවක් විදියට අරගෙන මේක ක්‍රමවත්ව සහ විද්‍යානුකූලව රට යළි විවෘත කරනවා නං වඩාත් ම කැමති වේවි කියලා.”

ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ. කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51