ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි

මෙරට ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා අතර පැවති සාකච්ඡාවේදීයි සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීමට මූල්‍යාධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙතෙක් සිදු කරගෙන යන ගිවිසුම් ද ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ආසියානු සංවර්ධන බැංකුවේ එකඟත්වය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32