ආයෝජන පහසු කරන්න රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන යෝජනාවලියක් ඉල්ලයි

මෙරට ව්‍යාපාර සහ ආයෝජන ආරම්භ කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අදාළව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට දැනුම් දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ මෙම කාරක සභාවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඇතුළු සංගම් නියෝජනය කරන නිලධාරීහු පිරිසක් කැදවා තිබුණා.

මේ අනුව මෙරට නව ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා ආරම්භ කිරීමේදී රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

වර්තමානයේ පවතින පරිපාලන ව්‍යුහය තුළ ආයෝජන හෝ ව්‍යාපාර ඇරඹීම සදහා සිදු කළ යුතු ක්‍රියාවලිය කාර්යක්ෂම නොවන බැවින් බොහෝ ආයෝජන හා ව්‍යාපාර අවස්ථා රටට අහිමි වන බවයි කාරක සභාව පෙන්වා දී ඇත්තේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ව්‍යුහයන්හි කළමනාකරණ ප්‍රතිපත්තීන් වර්තමානයට ගැළපෙන පරිදි සකස්විය යුතු බව කාරක සභාව විසින් අවධාරණය කරනු ලැබුවා.

මේ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ සම්බන්ධයෙන් ස්ථිරසාර නව ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.

මේවන විට මෙරට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් පවතින අතර ඒවායේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම බලවත් අඩුපාඩුවක් බව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ආයෝජකයන්ගේ පහසුව සදහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකටම ආයෝජකයන් සම්බන්ධීකරණය කරමින් කඩිනම් සේවයක් ලබා දීම සදහා වෙනම කාර්යාලයක් ස්ථාපිත කිරීමට යි මෙහිදී යෝජනා වී ඇත්තේ.

එසේම එම නිලධාරීන්ට නිසි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

රාජ්‍ය පරිපාලන ව්‍යුහයන්හි ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පරිපාලන සංගමය, ඉදිරියේදී පරිපාලන ප්‍රතිසංස්කරණ සදහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසද යෝජනා කර තිබෙනවා.

එසේම සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා ඔවුන්ට මේ සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වීමටද මෙහිදී යෝජනා වුණා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආයෝජන සදහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේ අපහසුව පිළිබදවද මෙහිදී සාකච්ඡා වූ අතර
විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල විශාල වශයෙන් ඉඩම් අක්‍රමිකතාවයන් සිදුවන බවත් ඒ සදහා කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු ආයෝජන පිළිබඳව ද ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි මෙරට පවතින විභවයන් මොනවාද යන්න හදුනා ගැනීමටත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16