අලි අගල් ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවීයෙන් ඉල්ලයි

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා.

අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් ඉකුත් කාලයේ අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාශය විසින් ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (29) කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වර්තමානයේ රට තුළ පවතින අලි අගල් පිළිබඳව තම සංවිධානය සතුව තොරතුරු කිසිවක් නොමැති බව පෙන්වා දුන්නා.

ඒ,අනුව අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ මෙම අලි අගල් කැපීමේ වැඩසටහන මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන අතර, අලි ඇතුන් දරුණු අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් ද උද්ගත වී තිබෙන බවයි.

මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58