අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් දෙකක් ඊයේ (09) පස්වරුවේ සොයා ගැනුණා.

හැටන් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ සැකකරු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයෙකු ගමන් කරන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් බස් රථය බගවන්තලාව නගරය වෙත පැමිණි අවස්ථාවේ බස් රථය පරික්ෂා කර සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුයායක පදිංචි අවුරුදු 38 ක් පමණ වයසැති සැකකරු මත්ද්‍රව්‍යය භාවිතයට තදින් ඇබ්බැහි වු අයෙක් බවට දැනට කර ඇති මුලික විමර්ශන මගින් තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වූ අයෙක් බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55