අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් රජය පිඩාවට පත්කරමින් විවිධ ඉල්ලීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27)අත්තර්ජාලය ඔස්සේ සජීවිව එක්වෙමිනි.

විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම විදේශ දිනේෂ් ගුණවර්ධන හා මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

එම අවස්ථාවට අන්තර්ජාල විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේය.

“මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකළ යුතුයි. කොවිඩ් වසංගතය නොවන්න වැඩිම විදේශ විනිමයක් ලැබුණේ ඔවුන්ගෙන් බව අප අමතක කළ යුතු නෑ. රට ට බරක් වෙනවා වෙනුවට ඔවුන් රටට ශක්තියක් වන බවයි අප විශ්වාස කරන්නේ. සමහරු සංවර්ධන ව්‍යාපෘති කරනවා ට විරුද්ධයි. ඒ අයට තියෙන්නේ දේශපාලන අවශ්‍යතා මිසක් රට හෝ ජනතාව ගැන කැක්කුමක් නොවෙයි. තවත් සමහරු මේ වෙලාවේ ආණ්ඩුවට පීඩනයක් දීලා විවිධ ඉල්ලීම් කරනවා. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ලෝක වසංගතයට මුහුණදෙමින් ජනතාව වෙනුවෙන් අදටත් උපරිමය ඉටුකරනවා. අපි මේ හැමදේම කරන්නේ කොවිඩ් පාලනයේ එන්නත්කරණය වේගවත් කරන ගමන්. රජයක් විදියට ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාවය දීලා තියෙනවා. රජයක් විදියට ඔබේ හා රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීරණ කිසිදු පැකිලීමකින් තොරව ගන්නා බවත් සිහිපත් කරනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?