අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් රජය පිඩාවට පත්කරමින් විවිධ ඉල්ලීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27)අත්තර්ජාලය ඔස්සේ සජීවිව එක්වෙමිනි.

විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම විදේශ දිනේෂ් ගුණවර්ධන හා මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

එම අවස්ථාවට අන්තර්ජාල විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේය.

“මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකළ යුතුයි. කොවිඩ් වසංගතය නොවන්න වැඩිම විදේශ විනිමයක් ලැබුණේ ඔවුන්ගෙන් බව අප අමතක කළ යුතු නෑ. රට ට බරක් වෙනවා වෙනුවට ඔවුන් රටට ශක්තියක් වන බවයි අප විශ්වාස කරන්නේ. සමහරු සංවර්ධන ව්‍යාපෘති කරනවා ට විරුද්ධයි. ඒ අයට තියෙන්නේ දේශපාලන අවශ්‍යතා මිසක් රට හෝ ජනතාව ගැන කැක්කුමක් නොවෙයි. තවත් සමහරු මේ වෙලාවේ ආණ්ඩුවට පීඩනයක් දීලා විවිධ ඉල්ලීම් කරනවා. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ලෝක වසංගතයට මුහුණදෙමින් ජනතාව වෙනුවෙන් අදටත් උපරිමය ඉටුකරනවා. අපි මේ හැමදේම කරන්නේ කොවිඩ් පාලනයේ එන්නත්කරණය වේගවත් කරන ගමන්. රජයක් විදියට ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාවය දීලා තියෙනවා. රජයක් විදියට ඔබේ හා රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීරණ කිසිදු පැකිලීමකින් තොරව ගන්නා බවත් සිහිපත් කරනවා.“

  1. ඔව් ඔව් අපි දන්නවා ජනතාව වෙනුවෙන් සියල්ල කරන බව; පවුලම පාර්ලිමෙන්තු අරන් , ජනතාව ගොනාට අන්දලා , පූනක්කු කන්න බොන්න දෙන්න හදන බව නම් මෙ අවුරුද්දක් යන්න කලින් ජනතාවට වෙටහිලා , සුනාමි සල්ලි හොරා කාල තියෙද්දිත් ජනතාව චන්දෙ දුන්නෙ ලොකු විස්වාසයකින් , එහෙත් තොපි එය කඩ කරල දෙන් , මෙලොවදී හෝ එලොවදී තොපිට ඔවා පලිසන් දෙනවාමයි , කර්මය එනවා තොපි පසු පස , පවුලම හැන්දි ගැවිලා යන්නට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27