ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (24) දිනයේ 3%කින් පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 89ක් ලෙස සටහන්ව තිබෙනවා.
එමෙන්ම ඇමරිකාව විසින් වෙළඳපොළට සපයනු ලබන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.84ක් දක්වා පහත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.29ක් ලෙස සටහන් වනවා.
