කෝටි ගණනක සුදු වීමේ ආලේපන තොගයක් ගුවන්තොටින් අල්ලයි

රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ තුන් දහස් හත්සිය පනහක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ සම සුදු වීම සදහා භාවිතා කරන ආලේපන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථ අසළ අතහැර දමා ගොස් සිටියදී 09/15 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දුම්වැටි සහ ආලේපන සියල්ල 09/15 දින උදෑසන 10.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බව රේගු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

ගමන් මලු 06 ක් තුළ අසුරා තිබූ, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අතර ” ටොප් ගන් ” සහ ” ප්ලැටිනම් 07 ” වර්ගයේ දුම්වැටි 111,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 557 ක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබූ , සම සුදු පැහැ ගැන්වීම සදහා භාවිතා කරන ආලේපන ( Whitening Cream ) බදුන් 125 ක් ද තීබුණා.

පසුව මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කළ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් , මෙම දුම්වැටි තොගය සහ ආලේපන තොගය රාජසන්තක කර , ඉදිරි දිනයක විනාශ කිරීමට නියෝග ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48