අනුරාධපුරයේ රඳවාසිටින LTTE සැකකරුවන් අධිකරණ ඇමතිට කියු අපුරු කතාව

ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොමැති බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාසිටින LTTE සැකකරුවන් තමා වෙත පැවසූ බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සැකකාර රැඳවියන් සමග තමා සිදුකළ සාකච්ඡාවකදී ඔවුන් ඒ බව පවසා සිටි බවය.


“මම ඒ රැඳවියන්ගෙන් ඇහුවා. ඔවුන්ට මෙතන ලැබෙන ආරක්ෂාව පිළිබඳව හෝ පහසුකම් පිළිබඳව ගැටලුවක් නෑ. ඔවුන් එකහෙලාම ප්‍රකාශ කළා මෙතන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියලා. යාපනයට යන්න ඉල්ලන්නේ ගම්බිම්වලට ළඟ හින්දා කියලා කිව්වා. මෙතන ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් අධි ආරක්ෂිත නැත්වලට යවන්න පුළුවන් කියලා මම කිව්වා. එකතොට ඒ හැමදෙනාම කිව්වේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නෑ කියලා.”

අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩු ප්‍රදේශය වෙත රැගෙනයෑමේ බලාපොරොත්තුවක් ඇති බවද අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted