අනුරපුර බාලවයස්කාර දැරියගේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කර ඇති බව කියන සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින බවයි.

ඉදිරියටද මෙම බාල වයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනිමට සුදානම් බවත් එම අධිකාරිය දැනුම් දෙනවා.

මෙම දැරියගේ අයිතිවාසිකම් හා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එල්ල වී නොමැති බවත්, මේ සම්බන්ධ කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරි පියවර ගන්නා බවත් අදාළ නිවේදනය මඟින් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවත්, යම් හෙයකින් අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් වියහැකි බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

එමෙන්ම මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26