අනුරපුර පුජා භුමියේ සිදුවූ අපරාධය : චිවරධාරියෙක් අත්අඩංගුවට

අනුරාධපුර පූජා නගරයේ පෙත් මග ආසන්නයේදී දාසය හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළ චීවරධාරියකු දුරුතු පොහොය යෙදුණු පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පන්සලක වැඩ සිටින තිස් නව හැවිරිදි චීවරධාරියෙකි.

මල් වෙළෙඳාමේ නිරත සිය මව සමග සිටි මෙම දැරිය කිරි පැකට් දෙකක් මිලදී ගැනීම සඳහා ඒ අසල වෙළෙඳ සලකට මව විසින් යවා ඇති බවත්, මුදල් මදි වීම හේතුවෙන් එක් කිරි පැකට්ටුවක් පමණක් මිලදී ගෙන එන අතරවාරයේ දී දැරිය පසුපස චීවරධාරියකු ද පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේ.

පසුව දැරිය හඬා වැළපෙමින් තම මව අසලට පැමිණ චීවරධාරියා තමාගේ කරට අතක් දමා ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පැන දිව ආ බව මවට පවසා ඇතැයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී මවගේ කෑ ගැසීම හමුවේ එක්රොක් වූ පිිරිස් දිව ගිය චීවරධාරියා අල්ලාගෙන උඩමළුව පොලිසියට භාර දී ඇත.

අනතුරුව, අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි.

අතවරයට පත් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42