අනියම් බිරිඳගේ දියණිය දූෂණය කළ සැකකරු අත්අඩංගුවට (වීඩියෝ)

13 හැවිරිදි පාසැල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියකට එම දැරියගේ මවගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිඕවිට නාපාවල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් මෙලෙස අපයෝජනයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ පියා මියගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ද එම දැරිය පදිංචි නිවසේම වාසය කර ඇතැයි සඳහන්.

සිද්ධියට මුහුණ දුන් දැරියගේ සහෝදරයෙක් සහ සහෝදරියක් මන්ම මව සහ සීයා ද මෙම නිවසේ ජීවත්ව තිබෙනවා.

පෙරේදා (12) රාත්‍රී එම දැරියගේ මවගේ අනියම් සැමියා නිවසේ සියලු දෙනාට තේ සකසා දී ඇති අතර එම තේ පානය කිරීමෙන් පසු සියලු දෙනාටම තදින් නින්ද ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අතර මෙම අපයෝජනය සිදු වී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

නින්ද ගොස් ටික වේලාවකින් දැරිය ඇහැරී ඇති අතර සිද්ධිය සමබන්ධයෙන් කිසිවෙකුටත් නොපවසා ඇය පසුදින පාසැල් ගොස් තිබෙනවා.

එහිදී ඇය අසනීප වී ඇති අතර පසුව පැසැලේ වැඩිමහල් සිසුවියකට රාත්‍රී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසුවයි ඇය මෙම දැරියගේ මවට ඒ සම්බන්ධයෙන් දන්වා ඇත්තේ.

ඒ අනුව මව විසින් කරන ලද පැමිණිල්ල මත මෙම සැකකරු පොලිස් අත්ඩඅංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව මෙන්ම ඇයගේ අනියම් සැමියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික උපස්ථායක ආයතනයකට අනුබද්ධව අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ උපස්ථායකයින් ලෙස කටයුතු කරන අය බව සඳහන්.

දැරිය මේ වන විට අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මැණික්හින්න ප්‍රදේශයේ ස්ථිර පදිංචි පුද්ගලයෙකු වන සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31