අධිකරණ ඇමති හර්ෂණ කළුතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක (වීඩියෝ)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (19) කළුතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.

කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද මෙහිදී පැවැත් වුණා.

මෙහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කරන බවයි.

රාජය නිලධරීන් එක්ව පිහිටුවා ගන්නා මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

දිවයිනේ සියලු බන්ධනාගාර මූලික කර ගනිමින් මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමට කටයුතු කර ඇති අතර, අද දිනය තුළ කළුතර, ගාල්ල, බුස්ස සහ මාතර බන්ධනාගාර මුලික කර ගනිමින් ප්‍රාදේශිය රාජ්‍ය ආයතන උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ කමිටු පිහිටුවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51