ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු විනාශ කිරීමට අවශ්‍ය නීති සකසා අවසන් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පවසනවා.
එමෙන්ම එළඹෙන මාර්තු මාසය අවසන් වනවිට මෙම විනාශ කිරීම්වලට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි නාවික හමුදාපතිවරයා සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ සඳහා අවශ්‍ය පහසුකම් සහිතව වනාතවිල්ලුව ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් ද මේ වනවිට ඉදිවෙමින් පවතින බවයි ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිඳීම සඳහා අවශ්‍ය උපදේශන ලබාගැනීමට 1927 යන දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.













