ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියකට ලොකු කරදයක් – සැකකරුගේ ඡායාරූපයක් පොලිසියෙන් එළියට

කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේදී 2026.01.23 වැනිදා වයස අවුරුදු 13ක දැරියක් අපහරණයකර බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය පවසනවා.

ඒ අනුව, සැකකරුගේ සිත්තම් කරන ලද ඡායාරූපයක්, පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකතන අංක –
කොටුව පොලිසියේ ස්ථානාධිපති – 071-8591560, 011-2432635

සැකකරුගේ ඡායාරූපය,

WhatsApp Image 2026 09 23 at 15.35.55