”අඩුපාඩු හදන් ඉදිරියට එන්න මේ ළමයින්ට සහාය දෙන්න” – සනත් ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි

තමන් කිසි දිනෙක පරාද වීමට අකමැති ක්‍රීඩකයෙකු බවත්; මෙරට ක්‍රිකට්වල ඊට ආවේණික වූ ෆැෂන් එකක් ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

ඊයේ (01) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කර සිටියේ; ශ්‍රී ලංකා ක්‍රිකට් පෙර තිබූ තත්ත්වයට රැගෙන ඒමට තම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සූදානම් බවත්; ඒ සඳහා ඔවුන්ගේ අඩුපාඩු සකසා ගනිමින් ඉදිරියට ඒමට සහයෝගය ලබාදීම මේ මොහොතේ වඩාත් අවශ්‍ය බවයි.

අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වෙනවා.

මෙම එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස් හටයි.

මීට පෙර නායකත්වය චරිත් අසලංක හට හිමි ව තිබූ අතර; පන්දුවාර 20 තරග තුනකින් සමන්විත T20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පිල හමුවේ 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නායකත්වය යළිත් සංශෝධනය කෙරුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසටයි නැවතත් එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස් හට පැවරුණේ.

අදින් ඇරඹෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ පුහුණු සැසිවලට එක් ව සිටින ආකාරය ද දක්නට ලැබුණා.

මෙවර එක්දින තරගාවලිය ම වේග පන්දු ක්‍රීඩකයින් වන මතීෂ පතිරණට හා ඩිල්ෂාන් මධුශංකට අහිමි ව ගොස් තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා ම ආබාධයන්ට ලක් වීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ මොහොමඩ් ෂිරාස් සහ එෂාන් මාලිංග යි.

ඒ අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ෂිරාස් සහ එෂාන් මාලිංග ජාත්‍යන්තර එක්දින වරම් ඉන්දියාවට එරෙහිව දිනා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නිශාන් මධුෂ්ක සහ ජනිත් ලියනගේ එක් වනු ඇති.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ලෙස මෙවර එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක් වන්නේ අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග යි.

දඟ පන්දු යවන්නන් ලෙස වනිඳු, අකිල සහ දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් ව සිටිනවා.

චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙසයි එක් ව ඇත්තේ.

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් හොබවනු ලබන අතර පිතිකරුවන් ලෙස විරාට් කෝලි, ශ්‍රෙයාර්ස් අයියර් සහ කේ. එල්. රාහුල් ද එක් ව සිටිනවා.

Khaleel Ahmed, Arshdeep Singh, Harshit Rana සහ Mohammed Siraj වේග පන්දු යවන්නන් ලෙසත්, Kuldeep Yadav, Axar Patel සහ Washington Sundar දඟ පන්දු බලඇණියටත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48