අකුරේගොඩදී නීතීඥයාට දිවි අහිමි කළ සිද්ධියේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය උදවු ඉල්ලයි

පසුගිය පෙබරවාරි මාසයේ 16 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළද සැලක රථගාලේ දී නීතීඥවරයෙක් සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද කාර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ සකක්රුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

එම සැකකරුගේ විස්තර සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇති අතර සැකකරුගේ නම කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ වන අතර ඔහුගේ ලිපිනය, වීරසිංහ මල් ශාලාව, පරගොඩ, ඉමදුව බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය 199714103549 වන අතර සැකකරුගේ ඡායාරූප කිහිපයක්ද පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

පහත සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය 071-8592279

ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය 071-8596065

පොලිසිය විසින් නිකුත් කර තිබෙන සැකකරුගේ ඡයාරූප පහතින්,

WhatsApp Image 2026 05 19 at 15.16.32
image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59