වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව එක්සත් ජනපද හමුදාවේ ඩෙල්ටා බලකාය විසින් අල්ලා ගන්නා ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් විසින් නිකොලස් මධුරෝ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳගේ ජීවිත පිළිබඳව සාක්ෂි ඉල්ලා තිබෙනවා.
උප ජනාධිපතිවරිය පවසන්නේ ජනාධිපති මධුරෝ හෝ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරස් රඳවා සිටින ස්ථානය රජය නොදන්නා බවයි.
ඇමරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළ බවත්, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවා.
වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ එරට අගනුවර වන කරාකස් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඇමරිකානු හමුදාව විසින් එල්ල කරනු ලැබුවා.
එම ප්‍රහාර එල්ල කළේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවයි.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.














