Update – වෙනිසියුලා ජනපති අල්ලාගත් මෙහෙයුම ඇමරිකානු ඩෙල්ටා බලකාය සිදුකළ බවට අනාවරණයක්

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව එක්සත් ජනපද හමුදාවේ ඩෙල්ටා බලකාය විසින් අල්ලා ගන්නා ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් විසින් නිකොලස් මධුරෝ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳගේ ජීවිත පිළිබඳව සාක්ෂි ඉල්ලා තිබෙනවා.

උප ජනාධිපතිවරිය පවසන්නේ ජනාධිපති මධුරෝ හෝ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරස් රඳවා සිටින ස්ථානය රජය නොදන්නා බවයි.

ඇමරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළ බවත්, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවා.

වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ එරට අගනුවර වන කරාකස් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඇමරිකානු හමුදාව විසින් එල්ල කරනු ලැබුවා.

එම ප්‍රහාර එල්ල කළේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවයි.

මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38