Update – දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රා දෙකේ මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහයුමක දී අත්අඩංගුවට ගැනුණු අදාළ බහුදින ධීවර යාත්‍රා දෙක අද (25) දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

අදාළ යාත්‍රා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද දික්ඕවිට ධීවර වරායට පැමිණ තිබුණා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම බහුදින ධීවර යාත්‍රා තුළ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරමින් පවතින බවයි.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනෙක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?