Update – දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රා දෙකේ මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහයුමක දී අත්අඩංගුවට ගැනුණු අදාළ බහුදින ධීවර යාත්‍රා දෙක අද (25) දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

අදාළ යාත්‍රා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද දික්ඕවිට ධීවර වරායට පැමිණ තිබුණා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම බහුදින ධීවර යාත්‍රා තුළ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරමින් පවතින බවයි.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනෙක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36