Update – උඩුගම්පොළ දී පොලිස් අණට අවනත නොවූ කත අත්අඩංගුවට (වීඩියෝ)

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයක් නවත්වන ලද අවස්ථාවේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් තමා එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් කාන්තාවක් හැසිරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මධ්‍යයේ සැරිසරනවා.

එලෙස පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරුණු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම හා අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අද (01) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම ඊයේ (31) දින ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ – උඩුගම්පොළ මාර්ගයේ සිදුව ඇති අතර, මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථ වාහන නිලධාරීන් විසින් මෙම කාර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේ දී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදී ඇය මෙසේ හැසිරී තිබෙනවා.

අනතුරුව මෙම ස්ථානයෙන්ද මෙම කාන්තාව පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේදී රථය නවත්වා ගෙන මෙම සැකකාර කාන්තාව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම සැකකාර කාන්තාව එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදුකරන ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් වන අතර එවැනි කිසිම සබඳතාවයක් නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
43
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?